පුවත්

කොත්ත මල්ලී තවත් බාල කළ අයෙක් STF එක අල්ලගෙන

Published

on

කල්මුණේ පිහිටි ගබඩාවක් තුල ප්‍රමිතියෙන් තොර කොත්තමල්ලි වලට රසායනික ද්‍රව්‍ය මිශ්‍රකර නැවත ඇසුරුම් කිරීමේ ජාවාරමක් වැටලිමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය  එහිදී ජාවාරමේ නිරත වෙමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම ගබඩාවේ තිබී සල්ෆර් පවුඩර් මිශ්‍ර කරන ලද කොත්තමල්ලි කිලෝග්‍රෑම් 2,125 ක් මෙන්ම ප්‍රමිතියෙන් බාල කොත්තමල්ලි කිලෝග්‍රෑම් 82,750 ක් ද සොයා ගෙන ඇත.

එමෙන්ම එහි තිබී සල්ෆර් පවුඩර් කිලෝග්‍රෑම් 225 ක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගෙන ඇත.

අත්අඩංගුවට පත්වූ අය 44 හැවිරිදි වියේ පසුවන කල්මුණයිකුඩි 08 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Trending

Exit mobile version