පුවත්

කොළඹ ඇළ මාර්ග සහ කාණු පද්ධති කඩිනමින් පිළිසකර කිරීමට ජනපති උපදෙස්

Published

on

කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සහ ඊට අදාළ ආයතනවල නිලධාරීන් සමඟ ඊයේ (20) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

කොළඹ දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග සහ කාණු පද්ධති නිසි ලෙස නඩත්තු නොවීම පිළිබඳ මෙහිදී නිලධාරින්ගෙන් විමසූ ජනාධිපතිවරයා අවිධිමත් ලෙස සිදුකර තිබෙන කසළ බැහැර කිරීම මෙන්ම අපජලය බැහැර කිරීම සම්බන්ධව තිරසාර විසඳුම් සහිත සැලැස්මක් සකස් කරන ලෙසද නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන්නේය.

ඊට අදාළ සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙසද වැඩිදුරටත් දැනුම් දුන්නේය.

පරිසර පොලීසිය බලගැන්වීම සහ ප්‍රජා කමිටුවල සක්‍රීය දායකත්වය ලබාගැනීම තුළින් අවිධිමත් ලෙස කැළිකසළ බැහැර කිරී‍මේ ගැටලුවට විසඳුම් සෙවීම සම්බන්ධවද මෙහිදී අවධානය යොමු කෙරිණි

Trending

Exit mobile version