මේ මොහොතේ රටම කතාවෙන ඊයේ (10) ගණපූරණය නොමැති වීමෙන් විසඳුමකින් තොරව කල්තැබූ එකතු කළ අගය මත හෙවත් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ , අද එය සම්මත කර ගන්නා බවයි.
අදාළ කෙටුම්පත පසුගිය අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
අමාත්‍යවරයා සඳහන් කළේ වැට් බද්දට අදාළ භාණ්ඩ ලැයිස්තුව ද ඊට ඇතුළත් බවයි.
කෙසේවුවද, එම භාණ්ඩ ලැයිස්තුව ඉල්ලමින් විපක්ෂය අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කිරීමට උත්සාහ කළ බව, අමාත්‍යවරයා කියා සිටී.
මේ අතර, එක් දිනක පාර්ලිමේන්තුව පැවැත්වීම උදෙසා වැය වන මහජන මුදල රුපියල් කෝටියකට ආසන්න වන බවත්, එය ඊයේ (10) පාර්ලිමේන්තු විවාදයට සහභාගි නොවූ මැති ඇමති මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ගතයුතු බවටත්, සමාජ මාධ්‍ය මතයක් නිර්මාණය වී තිබේ.