Connect with us

පුවත්

කෝප් කමිටුවේ හිටපු සභාපති ඇමති ලේකම්වරියකගේ කට කපනවා කියලා

Published

on

රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ලක් කල බව පේරාදෙණිය පොලිසිය පවසයි.

තමන් වෙත පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු ඊයේ (28) දුරකතන ඇමතුමක් ලබාදී තමන් වෙනත් පුද්ගලයෙකු හා පවසුවැයි කියන ප්‍රකාශයක් ගැන විමසා එය සත්‍ය නම් ඇයගේ කට කපා දමනවා යැයි තර්ජනය කළ බව පොලිසියට පැමිණිලි කල බව ඇය පැවසීය.

මේ අතර මාහාචාර්යවරයා මාධ්‍යට පවසා ඇත්තේ තමා ඇය වෙත දුරකතන ඇමතුමක් ගත් බවත් මේ වගේ සිද්ධියක් ජේවිපි භිතිය ඇති සමයේ කලානම් ඔවුන් විසින් කටකපනු ඇතැයි පවැසු බවත් තර්ජනය නොකල බවත්ය.

පුවත්

ලංකාවේ අධ්‍යාපනයට කොරියාවේ සහය

Published

on

By

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙරට කොරියානු තානාපති මියොන් ලී මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුවිය.

මෙහිදී ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා පුහුණු අවස්ථා සහිත අධ්‍යාපන සහයෝගීතාව වර්ධනය කරගැනීමට අදාළ ව කරුණු සාකච්ඡාවට බඳුන් විය.

වෘත්තීය පුහුණු හා අධ්‍යාපන ශිෂ්‍යත්වය ලබා දීම පිළිබඳ කොරියානු රජයට කෘතවේදීත්වය පළ කරමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී අදහස් පළ කලේය.

ඉදිරියේ දී ප්‍රශස්ත මට්ටමේ කොරියානු වෘත්තීය පුහුණු අවස්ථා සඳහා අදාළ වන පරිදි ශ්‍රී ලංකාවේ පුහුණු පාඨමාලා සැකසීම පිළිබඳ උනන්දුව හා අවධානය යොමු කරන බව ද පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඒ සඳහා එරටේ සහයෝගය අපේක්ෂා කරන බව ද පවසන ලදී.

Continue Reading

පුවත්

පොහොට්ටුව අද නෙළුම් මාවතේ රැස්වේ

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන් හා පක්ෂ ක්‍රියාකාරීන් අද (08) කොළඹට කැඳවා තිබේ

පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධව කරුණු සාකච්ඡා කිරීම එහි අරමුණයි.

නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (07) පැවැත්විය.

එහිදී තීරණය කර ඇත්තේ, පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ගම් මට්මින් මේ මස අග සිට ආරම්භ කිරීමටයි.

Continue Reading

පුවත්

අද වැසි තත්ත්වයේ වැඩිවීමක්

Published

on

By

අද (මැයි 08) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරුමැද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved