පුවත්

ග්‍රීක බැඳුම්කර පාඩුවට කබ්රාල්ට එරෙහිව නැවත අධිචෝදනා

Published

on

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට රුපියල් කෝටි 100ක අලාභයක් සිදුකිරීමේ චෝදනාව මත යළි අධිචෝදනා ගොනු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) තීරණය කර ඇතැයි වාර්තා වේ.

ග්‍රීසියේ දැඩි ආර්ථික අර්බුදය තුළ ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට රුපියල් බිලියන 1.84 ක් ලැබී ඇති බව කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

අධිචෝදනා ගොනු කරන අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙ හි අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීම සම්බන්ධයෙන් කබ්රාල් මහතාගේ නීතීඥයින් විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතාවයක් කොළඹ මහාධිකරණය විසින් තහවුරු කිරීමෙන් පසු තාක්ෂණික කරුණක් මත කබ්රාල් මහතා නඩුවෙන් නිදහස් කරනු ලැබීය. 

මූලික විරෝධතාවය මතු කරමින් කබ්රාල් මහතාගේ නීතීඥවරු තර්ක කළේ අධිචෝදනා පත්‍රය අත්සන් කරන අවස්ථාවේදී 2023 සැප්තැම්බර් 15 වැනිදා සිට බලාත්මක වූ නව දූෂණ මර්දන පනතට අනුව අල්ලස් කොමිසමට පත් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයකු නොසිටි බවයි. 

නව නීතිය ක්‍රියාත්මක වීමට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙ හි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයාට නව පත්වීම සිදුකරන තුරු අඛණ්ඩව ක්‍රියා කිරීමට ප්‍රතිපාදන නොතිබුණු බවද එහිදී පෙන්වා දී තබිණි.

කෙසේවුවද, මේ වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙ හි වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීම ද අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාග වෙමින් පවතී. 

මෙම පෙත්සම් ජුනි මස 19 වැනිදා සලකා බැලීමට අධිකරණය දින නියම කර තිබේ.

අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කර නොමැති තත්වයක් දූෂණ විරෝධී පනතේ පැහැදිලිව සඳහන් නොවීම නිසා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙ හි නඩු සඳහා තාක්ෂණික ගැටළුව පැන නැගී ඇත. 

ඒ අනුව මෙම ගැටළු නිරාකරණය කර නැවත අධිචෝදනා ගොනු කිරීමට කොමිසම සැලසුම් කර තිබේ.

Trending

Exit mobile version