පුවත්

ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ දින 4ක් වැසේ

Published

on

ගාලු කොටු පවුරට ඇතුළුවන පැරණි කොටු දොරකඩ හෙට (28) සිට 31 වන දා දක්වා තාවකාලිකව වසා තැබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය කරයි.

ඒ පුරාවිද්‍යා ස්මාරකයක් වන ලෝක උරුම ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ ආශ්‍රිත කොටු පවුරේ සංරක්ෂණය කිරීමේ කටයුත්තක් හේතුවෙනි.

එම දොරටු ආශ්‍රිත ප්‍රදේශයේ රසායනික සංරක්ෂණ කටයුතු හේතුවෙන් මෙම පියවර ගන්නා බව දකුණු පළාත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ වසන්ති අලහකෝන් මහත්මිය සඳහන් කළාය.

ඒ අනුව හෙට සිට 31 වනදා දක්වා ගාලු කොටුවට ඇතුළුවීම සහ පිටවීම නව කොටු දොරකඩ ඔස්සේ සිදුකරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Trending

Exit mobile version