Connect with us

පුවත්

ගැසට් පත්‍ර 4කට මුදල් කාරක සභාවේ අනුමැතිය

Published

on

අනුමතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ගැසට් පත්‍ර පහක් රජයේ මුදල් පිළිබද කාරක සභාවේ දී පසුගියදා සළකා බැලුණු අතර ගැසට් පත්‍ර හතරක් සදහා මෙහිදී අනුමතිය හිමිවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (20) රැස්වූ රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අදාළ ගැසට්පත්‍ර පිළිබද සිදුකළ විශ්ලේෂණයකින් අනතුරුව මෙම අනුමතිය ලබා දීම සිදුවිය.

මේ අනුව 2005 අංක 6 පනතින් සංශෝධිත 2002 අංක 14 දරන එකතුකළ අගය මත බදු පනත යටතේ නියමය සදහන් 2282/26 දරන ගැසට් පත්‍රය සදහා කාරක සභාවේ අනුමතිය හිමිවිය. එකතුකළ අගය මත බද්ද (VAT) 12% දක්වා වැඩි කිරීමට අදාළව මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබිණි.

2277/62 දරන අති විශේෂ ගැසට්පත්‍රයේ සදහන් සුරාබදු ආඥා පනත යටතේ නියමය ද මෙහිදී සළකා බැලිණි. රා ලීටරයක් වෙනුවෙන් රු 50 ක බද්දක් අයකිරීමට අදාළව මෙම ගැසට් පත්‍රය පනවා තිබූ අතර අදාළ ගැසට් පත්‍රයට‍ අනුමතිය ලබා දීම සිදුවිය.

අංක 2272/53 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නියමය කාරක සභාවේ සළකා බලකා අනුමතිය ලබා දීමද සිදුවිය. රත්මලාන ගුවන් තොටුපළේ සිට පිටත්ව යන සෑම තැනැත්තෙකුගෙන්ම අයකරන ගාස්තුව ඇ.ඩො 30 දක්වා අඩුකිරීම ‍සදහා මෙම ගැසට් පත්‍රය පළ කර තිබිණි.

මේ අතර 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ අංක 2296/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් නියෝගය මෙහිදී සළකා බැලුණු අතර 2021 ජූනි 30දින පළ කළ අංක 2234/19 ගැසට් පත්‍රයේ නියෝගවල සදහන් මාස 24ක කාලය මාස 36 දක්වා වැඩි කිරීම එහි අරමුණයි. ‍

1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන යටතේ පළ කළ අංක 2296/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් නියෝගයේ සදහන්ව තිබූ උක්කුටික පෝච්චි (වැසිකිළි පෝච්චි) ආනයනය සදහා තාවකාලික තහනමක් පැනවීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ සාකච්ඡාවට ලක්විය. කර්මාන්ත අමාත්‍යාංශය විසින් නිර්දේශිත පරිදි දේශීය නිෂ්පාදන සදහා වෙළදපොළ පුළුල් කිරීමේ අරමුණින් මෙම තීරණය ගත්බවද නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. එහෙත් මෙම භාණ්ඩ ආනයනය සදහා වැයවී ඇති විදේශ විනිමය සාපේක්ෂව අඩු අගයක පවතින බැවින් ද වෙළදපොළ මෙම භාණ්ඩ හිගකම මෙන්ම මිල ඉහළවීම සාමාන්‍ය ජනයාට දරාගත නොහැකි බැවින් ද ආනයන පාලනය කිරීම සුදුසු නොවන බවට කාරක සභාවේදී සාකච්ඡා විය. මේ අනුව මේ පිළිබදව ඉදිරි රැස්වී‍මකදී තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය විය.

මෙම ගැසට්පත්‍ර අනුමතිය සදහා යොමු කිරීම කඩිනමින් සිදු කිරීමේ අවශ්‍යතාව මෙහිදී කාරක සභාව අදාළ නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

අමාත්‍ය නලින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීහු ද රාජ්‍ය නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

කෑගල්ල උණුසුම් වූ බස් අනතුර

Published

on

By

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කොට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී තිබේ.

අද (18) පස්වරු 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරින් පුද්ගලයින් 26 දෙදෙනකු තුවාල ලබා ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වේ.

නුවර සිට අවිස්සාවේල්ල බලා ධාවන වූ පෞද්ගලික බස් රථයක් අධික වේගය සහ අපරික්ෂාකාරී ලෙස වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමත් සමග මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

තුවාලකරුවන් කෑගල්ල මහරෝහලයට සහ තොරනගහපිටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බවයි පිංදෙණිය පොලීසිය ප්‍රකාශ කර සිටී.

අනතුරට පත් එක් බස් රථයක රියදුරෙකු බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් රෝගියා කාන්තාවක් බවයි වාර්තා වේ.

Continue Reading

පුවත්

“මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි”

Published

on

By

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් උදයංග වීරතුංග මහතා මේ බව සඳහන් කලේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග එකඟත්වයට පැමිණ අවසන් බවද ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට ඇති කරගෙන ඇති එකඟතාව පිළිබඳව දන්නේ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක් අයකු පමණක් බවද ඔහු මෙහිදී පවසා ඇත.

“ අගමැති අපේක්ෂකයෙක් නම් කරන්න බලාපොරොත්තුවක් නැහැ. ධම්මික පෙරේරා ඉතා ප්‍රබල අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙනවා. ඒ තීරණය තියෙන්නේ පොහොට්ටුවේ එක ඔලුවක විතරයි. පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා. පාර්ලිමේන්තුවේ බහුතරය ඒකට විරුද්ධයි. අනුර කුමාරත් විරුද්ධයි. ජාතික ජන බලවේගයට රැල්ලක් ඇවිල්ලා තියෙන්නේ සමාජ මාධ්‍යයෙන් පමණයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ශකයා රනිල් වික්‍රමසිංහ නෙමෙයි. ඒක දැන් තීරණය කරල ඉවරයි.”

Continue Reading

පුවත්

ඇල්ල – වැල්ලවාය මාර්ගය යළිත් වැසෙයි

Published

on

By

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved