Connect with us

පුවත්

ගොවීන්ට නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්

Published

on

ගොවීන් සඳහා නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් අද (31) සිට ආරම්භ වන බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පැවසුවේ, ගොවීන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට සාමාජිකයින් බඳවා ගැනීම 2010 වසරේ සිට අත්හිටුවා තිබූ බවය.

පුවත්

මුජිබර් ව මැතිසබේට නම් කරන ගැසට්ටුව පිටවෙයි

Published

on

By

ඩයනා ගමගේ ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමගි ජන බලවේගය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මුජිබර් රහුමාන් මහතාව නම් කළ බවට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Continue Reading

පුවත්

මාර්ක් ඇන්ඩෘ සහ අනුර දිසානායක අතර හමුවක්

Published

on

By

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆෙන්ච් (Marc-André Franche) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක  මහතා අතර හමුවක් සිදුවිය.

ඒ, අද (09) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ය.

මෙම හමුව සඳහා  එක්සත් ජාතීන්ගේ සාමය සහ සංවර්ධනය පිළිබඳ උපදේශක පැට්‍රික් මැකාතී (Patrick McCarthy) මහතා, සාමය සහ සංවර්ධනය පිළිබඳ විශ්ලේෂක නෙත්මිනී මැදවල මහත්මිය සහ සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා එක්විය.

මෙම හමුවේදී  ශ්‍රී ලංකාවේ වත්මන් මානව හිමිකම් තත්වය, සමගිය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය. 

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරන බව පෙන්වා දුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෝ ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය තුළ දේශපාලන පක්ෂ විසින් අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතියක් පිළිබඳවද අවධානය යොමු කළහ. 

තම දේශපාලන සංස්කෘතිය, ආරම්භයේ සිටම ආචාරධර්ම පද්ධතියක් පදනම් වී ඇති බව අවධාරණය කළ ජාතික ජන බලවේගය විසින් එ.ජා. නියෝජිතයින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලට තම පූර්ණ සහය හිමි වන බව ප්‍රකාශ කරන ලදී.

Continue Reading

පුවත්

උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවයි

Published

on

By

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය 2023 (2024) උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමයට සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

ඒ අනුව 2024.05.03 දින පස්වරු 4 සිට 2024.05.17 වනදා මධ්‍යම රාත්‍රී 12 තෙක් www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව පවතී.

වැඩි විස්තර පහතින්,

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved