පුවත්

චමරිට රනිල්ගෙන් කෝල් එකක්

Published

on

ආසියානු කුසලානය ජයග්‍රහණය කළ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සුබ පැතුම් පිරිනමා තිබේ.

ඒ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩාමේ නායිකා චමරි අතපත්තු වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමිනි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ “ඔබගේ අපරාජිත ගමන්මග, ඔබගේ දක්‍ෂතාවය, කැපවීම සහ කණ්ඩායම් හැඟීම පිළිබඳ සාක්ෂියක්. ඔබ අපේ ජාතිය අභිමානයට පත් කළා” යනුවෙන් ඇය වෙත සිය සුබ පැතුම් එක් කළ බවය.

කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙත ඉදිරියේදී උපකාර කළ හැකි ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් මෙම සුබ පැතුම් පණිවිඩය කණ්ඩායෙමේ අනෙකුත් ක්‍රීඩිකාවන් සමඟ බෙදා ගන්න ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා මෙම දුරකථන ඇමතුම මඟින් චමරි අතපත්තු වෙත පවසා තිබේ.

Trending

Exit mobile version