පුවත්

චාමර ගේ සංචාරය අතරතුර උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

Published

on

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද (17) පෙරවරුවේ එප්පාවල පිහිටි ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ එහි නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.

එහිදී සේවකයින් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ ආයතනයට අවශ්‍ය නොවන වර්ගයේ ඇඹරුම් යන්ත්‍ර අමතර කොටස් ගෙන්වීමෙන් රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදුව ඇති බවය.

අදාළ වංචාව සිදුකර ඇතැයි පැවසෙන විධායක නිලධාරිවරයෙකුට සේවකයින් අමාත්‍යවරයා ඉදිරියේදීම පහරදීමට උත්සාහ කර ඇති අතර, එය පොලීසියේ මැදිහත්වීමෙන් ව්‍යර්ථ විය.

(වීඩියෝ : අද දෙරණ)

Trending

Exit mobile version