පුවත්

ඡන්ද පෝස්ටර් එක්ක දෙන්නෙක් මාට්ටු

Published

on

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු කින්‍නියා ප්‍රදේශයේ දේශපාලන පක්ෂ දෙකක කාර්යාලවල තබාගෙන  තිබු නීති විරෝධී  ප්‍රචාරක පෝස්ටර් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද (12) අත්අඩංගුවට ගත් බව කින්නියා පොලිසිය පවසයි.

කින්නියා, බුහාරි අඩි හන්දියේ  පිහිටි මැතිවරණ කාර්යාලයක හා ඒ ආසන්න තවත්  මැතිවරණ කාර්යාලයක තිබී මෙම පෝස්ටර් තොගය සමඟ මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු එම කාර්යාල පරික්ෂා කිරීමේදී මෙම පෝස්ටර් තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.

Trending

Exit mobile version