පුවත්

 “ජනපතිලා ගිල්ල වාහන බිල රුපියල් මිලියන 2,300ක්, ගෙවන්න වෙන්න‍ේ ජනතා බදුවලින්”

Published

on

චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වා ජනාධිපතිවරු ලබා ගෙන තිබෙන කුලී බදු වාහන වෙනුවෙන් නොගෙවන ලද රුපියල් මිලියන 2,300ක් අය කර ගැනීම සඳහා අදාළ මූල්‍ය සමාගම් නීතිමය පියවර ගැනීමට සූදානම් බව දූෂණ විරෝධී හඬ සංවිධානය හෙළි කරයි.

එම සංවිධානයෙන් ඊයේ (18) පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මේ බව හෙළි කළේය.

අධිකරණ ක්‍රියාවලියකින් මේ මුදල ද ගෙවීමට සිදුවුවහොත් එය ගෙවීමට සිදුවන්නේ ජනතාවගෙන් බදු වශයෙන් අයකර ගන්නා මුදලින් බවද ඔහු වැඩිදුරටත් කීය.

චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන් සහ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද වාහන කුලී නොගෙවීම නිසා ලීසින් සමාගම්වලින් නඩු පැවරීමට කටයුතු කිරීමට සූදානම් බව හෙළි කළේය.

මෙම මුදල් අදාළ ජනාධිපතිවරුන්ගෙන් හෝ වගකිව යුතු නිලධාරීන්ගෙන් අය කර ගත යුතු බවත්, ඇතැම් වාහන අතුරුදහන් කර තිබීම පිළිබඳව විශේෂයෙන් විමර්ශනය කළ යුතු බවත් මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරිනි.

2005 සිට ජනාධිපති වාහන සංචිතය වෙනුවෙන් කුලී පදනම මත වාහන 75ක් පමණ ලබා ගෙන ඇතැයි වැඩි දුරටත් හෙළි කෙරිනි.

Trending

Exit mobile version