පුවත්

ජනපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්; නාමල් UNPයේ ලොක්කෙක් හමුවෙයි

Published

on

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (15) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

එහිදී ඔහු සඳහන් කළේ ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියත වශයෙන් ජයගන්නා බවය.

‍නමුත් තවමත් එම අපේක්ෂක‍යා කවුරුන්ද යන්න නම් කර ‍නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර, නාමල් රාජපක්ෂ මහතා මල්පාරේදී එජාප ප්‍රබලයකු සමඟ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.

නාමල් එහිදී පෙන්වා දී ඇත්තේ මුලින්ම ජනපතිවරණය තැබුවහොත් පොහොට්ටුව සහය දුන්නද රනිල් වික්‍රමසිංහ මහතාට එය ජයගත නොහැකි බවයි.

ඒ නිසා මුලින් මහ මැතිවරණයක් පැවැත්වීමෙන් එජාපයට හා පොහොට්ටුවට අනෙක් පක්ෂවලට කරට කර සටනක් දිය හැකි බවයි.

එසේම වික්‍රමසිංහ මහතා ජනපති පුටුවේ සිටියදී පොහොට්ටුවට හා එජාපයට ආණ්ඩුවක් පිහිටුවීමට ආසන මදිවුවහොත් දෙමළ මුස්ලිම් පක්ෂ මන්ත්‍රීවරු හෝ සජබ මන්ත්‍රීවරුන් එකතු කරගෙන එය කළ හැකි බවද නාමල් පෙන්වාදී ඇති බව වාර්තා වේ.

Trending

Exit mobile version