පුවත්

ජනපති අතින් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අද විවෘත වෙයි!

Published

on

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (08) විවෘත කිරීමට සැලැසුම් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වී මෙලෙස පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරන දෙවන අවස්ථාව මෙයයි.

09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයා අද (08)  පෙරවරු  9.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමට නියමිත අතර ඊට අදාළ පෙරහුරු පසුගිය දිනවල පැවැත්විණි.

ජනාධිපතිවරයා අද (08) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

අද (08) දිනයේ චාම් උත්සවයක් ලෙස මෙය පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති අතර ඒ අනුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලී නොපැවැත්වෙන බව පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

Trending

Exit mobile version