පුවත්

ජනපති අරමුදල අවභාවිතා වූයේදැයි සොයන්න පුළුල් පරීක්ෂණයක් – CID

Published

on

ජනාධිපති අරමුදලේ මුදල් අවබාවිතයක් වී ඇත්ද යන්න සෙවීමට පුළුල් විමර්ශනයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකා තිලක වෙත ඊයේ (06) දන්වා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර අනුමත කරන ලද මුදල් උපරිම ප්‍රමාණයට වඩා ජනාධිපති අරමුදල් ලබාගෙන ඇත්ද යන්න සෙවීමට එම විමර්ශනය පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් අධිකරණය වෙත දන්වා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.

Trending

Exit mobile version