පුවත්

ජනපති හෙට ජාතිය අමතයි!

Published

on

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 09ක කාලය තුළ රජය ගෙන ඇති පියවර සහ ශ්‍රී ලංකා රාජ්‍යයේ සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම විශේෂ ප්‍රකාශය හෙට (01) රාත්‍රී 8.00ට මෙරට ලියාපදිංචි සියලුම රූපවාහිනී, ගුවන්විදුලි සහ නව මාධ්‍ය අවකාශ ඔස්සේ  සමස්ත මහජනතාවගේ දැනගැනීම සහ අවබෝධය උදෙසා විකාශය කිරීමට සැලසුම් කර ඇත.

Trending

Exit mobile version