පුවත්

ජනවාරියේ විදුලි බිල අඩු කරයිද?

Published

on

ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදු කරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව විදුලි බිල සංශෝධනයේදී වැඩිකළ ගාස්තු ප්‍රමාණය අඩු කළ හැකි බව විදුලිබල මණ්ඩලය අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවතීම හේතුවෙන් උපරිම ධාරිතාවයෙන් ජල විදුලි බලාගාර ක්‍රියාත්මක වීම නිසා මෙම තීරණය ගෙන ඇති බවයි.

Trending

Exit mobile version