විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව විෂය භාර අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
අද (23) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා කියා සිටියේ, ජල ගාස්තු වැඩි කිරීමක් සම්බන්ධයෙන් කිසිඳු සාකච්ඡාවක් අමාත්‍යාංශ මට්ටමෙන් මේ වන විට සිදු නොවන බවය.
එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අනුර කරුණාතිලක මහතා,
“ ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවක් අමාත්‍යාංශ මට්ටමෙන් මේ වෙනකොට සිද්ධ වෙන්නෙ නැහැ. අපිට එහෙම ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ”