දෙසැම්බර් 31 වැනිදාට වයස අවුරුදු 60 සම්පූර්ණ වන රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ තීරණයට අදාළව ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පන්සිය අසූහත්දෙනකු විශ්‍රාම ගැන්වීමේ නාමලේඛනය නිකුත් කර තිබේ.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හයදෙනකු, නියෝජ්‍ය පොලිස්පතිවරු හත්දෙනකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දාසයදෙනකු, පොලිස් අධිකාරිවරුන් අටදෙනකු හා පොලිස් අධිකාරිවරුන් විසිදෙනකු විශ්‍රාම ගැන්වීමට නියමිතය.
ඊට අමතරව උප පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් පරීක්ෂකවරුන් හා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පන්සිය තිස්හතර දෙනකුගේ නාමලේඛනයක් ද නිකුත් කර තිබේ.