ශ්‍රී ලංකාව ගෝලීය අගයදාමයන් සමඟ සම්බන්ධ කෙරෙන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් (ITO) මෙරට පිහිටුවීමට තීරණය කර තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ආයතන වෙන් වෙන්ව ගනු ලබන ප්‍රවේශයන්හි අඩු පාඩු මඟහරවාලමින් එම කටයුතු වඩා කාර්යක්ෂම සහ විධිමත් කර ගැනීම වෙනුවෙන් මෙම නව කාර්යාලය ස්ථාපනය කෙරේ.
අදාළ සියලු ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් ජාත්‍යන්තර වෙළෙඳ අංශයන්හි උපරිම දායකත්වය රටේ ආර්ථිකයට ලබාදීම මෙමගින් සිදු කෙරෙනු ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම ආයතනය පිහිටුවීමට කටයුතු යොදා ඇති අතර ලෝක ආර්ථිකයෙන්, වෙළෙඳාමෙන් හා ජනගහනයෙන් 30%ක හිමිකාරීත්වය දරන “කලාපීය “විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (Regional Comprehensive Economic Partnership, RCEP) සමග සම්බන්ධ වීම ශ්‍රී ලංකාවේ අරමුණ වී ඇත.
(මූලාශ්‍රය අද දෙරණ)