හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට දුරකථන ඇමතුම් කිහිපයක් මගින් මරණ තර්ජන එල්ල කර ඇතැයි වාර්තා වේ.
ඊයේ (05) ඩුබායි හි සිට පාතාල නායකයකුගෙන් ලැබුණු දුරකථන ඇමතුම් කිහිපයක් මගින් මේ මරණීය තර්ජන එල්ල කර ඇති බව පැවසේ.
ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටියදී රටින් පලාගොස් සිටින සියළුම පාතාල නායකයින් හා පාතාල සාමාජිකයින් නැවත මෙරටට ගෙන්වීමට අවශ්‍ය නියෝග දීම පිළිබඳව ප්‍රකාශ කරමින් මෙම මරණ තර්ජනය කර ඇති බව වාර්තා වේ.
මේ වනවිට මේ සිදුවීම පිළිබඳව පොලිස්පතිවරයා විසින් සියළුම පොලිස් විශේෂ අංශ දැනුවත් කර ඇති අතර මරණීය තර්ජනය පිලිබදව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද පැවසේ.