ටී පනස් හය ගිනි අවියක් සමග අතුරුදහන් වී ඩුබායි වෙත පැනගිය පොලිස් කොස්තාපල්වරයාගේ පෙම්වතියක් ලෙස සිටි නැටුම් ගුරුවරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය රාත්‍රී සමාජ ශාලාවල නර්තනය සඳහා පැමිණි මොහොතක පොලිස් කොස්තාපල්වරයා හඳුනාගෙන ප්‍රේම සබඳතාවය පවත්වා ඇතැයි හෙළි වී ඇත.
පැන ගිය කොස්තාපල්වරයා සම්බන්ධ පරීක්ෂණ පවත්වද්දී මෙම නැටුම් ගුරුවරිය අසනීප තත්ත්වයක් පෙන්වමින් රෝහල්ගත වී ඇතත් කිසිදු රෝගී තත්ත්වයක් නොමැති බව දන්වා රෝහලින් දැන්වීමෙන් පසුව ඇයව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කොස්තාපල්වරයා ගිනි අවිය සමග රාජකාරීයට නොගොස් මෙම නැටුම් ගුරුවරිය නැවතී සිටින නිවසට ගොස් එතැන් සිටියේ කුලී කඩන් රථයක් මාර්ගයෙන් කටුනායක ගුවන්තොටුපල බලා ගොස් ඇතැයි හෙළි වී ඇත.