පුවත්

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසගතවන නඩුවක පැටලේ

Published

on

එක්සත් ජනපද ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරයෙකුට එරෙහි අපරාධ නඩුවක් අද (15) නිව්යෝක් අධිකරණයේදී විභාගයට ගැනීම සිදුවිය.

ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිවයි.

2016 වසරේ මැතිවරණයට ටික කලකට පෙර වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් සහ කැරන් මැක්ඩොගල් වෙනුවෙන් කරන ලද මුදල් ගෙවීමක් වසන් කිරීම සඳහා ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව මෙම අපරාධ නඩුවක් විභාගයට ගැනීම සිදුවිය.

77 හැවිරිදි ට්‍රම්ප් වරදකරු වුවහොත් උපරිම වශයෙන් වසර හතරක සිරදඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇති නමුත් සිරගත වීම වළක්වා ඒ වෙනුවට දඩයක් නියම කළ හැකියි.

කෙසේ වෙතත් ඔහු වරද පිළිගෙන නැත.

හිටපු ජනපති ට්‍රම්ප්ගේ මෙම ඓතිහාසික නඩු විභාගය ඔහුගේ 2024 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ පසුබිමට එරෙහිව සිදුවනු ඇති අතර, අවසානයේදී ඡන්දදායකයින් නොවැම්බර් මාසයේ මැතිවරණයට යාමට මාස කිහිපයකට පෙර රිපබ්ලිකන් අපේක්ෂකයා වැරදිකරුවෙකු ද නැතිනම් නිවැරදිකරුද යන වග හඳුනාගැනීමට නියමිතය.

සඳුදා ජූරි තේරීමෙන් ආරම්භ වූ නඩු විභාගය සති හයේ සිට අට දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ට්‍රම්ප්ට එරෙහි මෙම නඩුවේ ජූරි සභාවට ජූරි සභිකයන් 12 ඇතුලත් අතර, නිශ්චිත චෝදනාවකට ට්‍රම්ප් මහතා වැරදිකරුද නැද්ද යන්න පිළිබඳව ජූරි සභිකයන් 12 දෙනාම එකඟ විය යුතුය.

Trending

Exit mobile version