පුවත්

ණය වලින් ගැලවෙන්න ලංකාවට පළමු තැන දෙන බව ජපානය කියයි

Published

on

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග වලදී  චීනය සහ ඉන්දියාව සහභාගී වීම තහවුරු කිරීම සඳහා පැරිස් සමාජයේ ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සම්බන්ධීකරණය සිදු කරමින් වසර 70 කින් මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ජපානය දැඩිව වෙහෙස වී කටයුතු කරන බව ජපානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මුදල් නියෝජ්‍ය අමාත්‍ය මසාතෝ කන්ඩා මහතා රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

ණය අර්බුදයට මුහුණදෙන රටවලට සහායවීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයක් ලබාදෙන බවද නියෝජ්‍ය අමාත්‍ය මසාතෝ කන්ඩා මහතා එහිදී පවසා තිබේ.

Trending

Exit mobile version