ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී සිදුවූ සංචාරකයන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධ වැරදිකරුවන්ට අදාළව නීතිමය පියවර ගෙන ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.
ඒ අනුව, ත්‍රිකුණාමලයේ සංචාරකයින් සම්බන්ධයෙන් වාර්තා වූ එම අවාසනාවන්ත සිදුවීම බැරෑරුම් ලෙස සලකන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ සඳහා කඩිනම් ප්‍රතිචාර දැක්වූ බවත්, මේ වන විටත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.
මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව, ගෞරවය සහ සාමය සහතික කිරීමට තමන් කැපවී සිටින බවයි නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
ඊයේ (07) රාත්‍රියේ ඇලස්වත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක පැවති සාදයකදී විදේශිය කාන්තාවක අනවශ්‍ය අන්දමින් ස්පර්ශ කිරීමට උත්සහ කල අයෙකුගෙන් ඔහුගේ සැමියා ප්‍රශ්න කිරීමට යෑමේදී අදාළ පුද්ගලයා හා තවත් අයෙකු එම විදේශිකයාට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා සංසරණය විය.
මෙම පහරදීම සම්බන්ධයෙන් එක් අයෙකු උප්පුවේලි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර,අදාල සැකකරු අද (08) දින ත්‍රීකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සිද්ධියට සම්බන්ධ අනෙක් පුද්ගලයා මේ වන විට පොලිසිය මගහැර සිටින අතර,ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව උප්පුවේලි පොලිසිය පවසයි.
©️ වීඩියෝ – කීර්ති රත්නායකගේ ෆේස්බුක් පිටුව
https://sinhala.srilankamirror.com/wp-content/uploads/2025/07/AQOSQRogotnPO6USKrEPwDq3ZnjX0GYbJN6grBXgxM6nhzyccyTZfmhz8OzMUI2wjXgbtiHdozrN7ryVVFdD8E9X.mp4