තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්දදායකයන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තවත් අමතර දවස් දෙකක් ලබා දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව ලබන 11 සහ 12 යන දෙදින තුළ ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇත.
සිය සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී මේ සඳහා අවස්ථාව ලැබෙන බව මැවරණ කොමිසම සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පසුගිය 04 වනදාත් පෙරේදා (05) සහ ඊයේ (06) දිනවලත් පැවැත්විණි.
මේ අතර පසුගිය දිනවලදී තැපැල් ඡන්ද දායකයන්ගෙන් 85%කට වැඩි පිරිසක් සිය ඡන්දය භාවිත කර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති ඩී.ඒ රාජිත කේ. රණසිංහ මහතා පවසයි.