ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වියදම් පුරෝකථනය කරමින් රුපියල් බිලියන 1.4 ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිසම වෙත යොමුකර තිබේ.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසා තිබුණේ සාමාන්‍ය තැපැල් ගාස්තු, ලියාපදිංචි තැපැල් ගාස්තු, ලිපිද්‍රව්‍ය සඳහා වියදම්, ප්‍රවාහන වියදම් සහ පරිපාලන ගාස්තු ආදිය ඇතුළු වියදම් රැසක් සඳහා මෙම ඇස්තමේන්තුව යොමුකළ බවය.
කෙසේ වෙතත් මෙම ඇස්තමේන්තුව පුරෝකථනයක් පමණක් බැවින් ඉල්ලුම් කළ මුදල් ප්‍රමාණය වෙනස්විමේ හැකියාවක් පවතින බව ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.