පුවත්

තුර්කි ජනපතිට යළිත් බලය හිමිවෙයි

Published

on

තෙවැනි වරටත් ජනාධිපති ධූරයට පත්වීමට තුර්කියේ වත්මන් ජනපති –  Recep Tayyip Erdogan සමත් වී තිබේ.

ඒ, එරට පැවති ජනපතිවරණයෙන් ජය ලබමිනි.

මේ අනුව, ඔහු තවත් වසර 5ක කාලයක් පුරාවට ජනාධිපති ධූරයේ රැඳෙනු ඇත.

සිය ජයග්‍රහණයෙන් පසුව අන්කාරා හි පිහිටි තුර්කි ජනාධිපති මන්දිරය ඉදිරිපිට සිටි ජනතාව අමතමින් ඔහු පවසා ඇත්තේ මිලියන 85ක ජනකායක් සිටින සමස්ථ ජාතියක් ජයග්‍රහණය අත්පත් කරගත් බවයි.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරාජය ලැබූ තුර්කි විපක්ෂ නායකයා පවසා ඇත්තේ එය මෑත කාලයේ පැවැත්වුණු අසාධාරණම මැතිවරණය බවයි.

Trending

Exit mobile version