පුවත්

තුර්කි භූමිකම්පාවෙන් ලාංකික කතක් මියයයි!

Published

on

තුර්කියේ සිදු වූ භූකම්පනයෙන් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර සොයාගෙන ඇතැයි වාර්තා වේ.

අදාළ කාන්තාව රැඳි සිටි ගොඩනැගිල්ල ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ඇයගේ මළ සිරුර සොයා ගෙන ඇති බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අනාවරණය කර තිබේ.

මළ සිරුර තුර්කියේම වෙනත් ප්‍රදේශයක වාසය කරන ඇයගේ දියණිය විසින් හඳුනාගෙන ඇතැයි පැවසේ.

අතුරුදන් වූ මව සෙවීම සඳහා ඇය ඊයේ (11) අදාළ ප්‍රදේශයට පැමිණ තිබූ බව සඳහන් ය.

මෙලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ කාන්තාවකි.

ඇය තුර්කියට පැමිණ ඇත්තේ මීට වසර 20කට පමණ පෙරදීය.

Trending

Exit mobile version