මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය 2025 මාර්තු මාසයේ සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසයි.
ඒ අනුව මෙතෙක් පැවැති පෙට්‍රල් 92 රුපියල් 309, පෙට්‍රල් 95 රුපියල් 371, සුදු ඩීසල් රුපියල් 286, සූපර් ඩීසල් රුපියල් 331 සහ භූමිතෙල් රුපියල් 183 යන මිල ගණන් යටතේම අලෙවි කිරීමට පියවර ගන්නා බව එම සංස්ථාව පවසයි.
මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද සිය ඉන්ධන මිල ගණන් වෙනස් නොකරන බව නිවේදනය කර තිබේ.
“තෙල් හිඟයක් නෑ”
මේ අතර, මේ වන විට කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බැවින් කලබල නොවන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ආනන්ද රාජකරුණා මහතා පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.
ඇණවුම් සාමාන්‍ය පරිදි ලැබී ඇති බවත් හෙට දිනයට අවශ්‍ය ඉන්ධන තොග මේ වන විටත් ඇනවුම්කරුවන් විසින් ඇනවුම් කර ඇති බවත් සභාපතිවරයා මාධ්‍ය වෙත පවසා ඇත.
මේ අතර ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කර තිබුණේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මෙතෙක් ලබා දුන් සියයට 3ක වට්ටම් මුදල ඉවත් කිරීමට ගත් තීරණය හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ඇනවුම් කිරීමෙන් වළකින බවයි.
මේ සමග ඇතැම් ප්‍රදේශ වල ඉන්ධන ලබාගැනීම සඳහා වාහන පෝලිම් දක්නට ලැබුණි.
සබැඳි පුවත් :