පුවත්

දළඳා වන්දනාවට පැමිණි පිරිසගේ ගමන් මලු නැවත භාරගන්න දින 2ක්

Published

on

සිරි දළඳා වන්දනාව සඳහා පැමිණි බැතිමතුන්ගේ ගමන් මළු රඳවා තබාගෙන වන්දනාවෙන් පසු නැවත භාරදීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කළ අතර, ඇතැම් ගමන්මළු නැවත භාර නොගැනීම හේතුවෙන් භාරදුන් ස්ථානවලම ඒවා සුරක්ෂිතව පවතී.

එම ගමන්මළු මහනුවර වැවරවුමේ ජෝයි බෝට්ටු සේවාව ක්‍රියාත්මක වන ස්ථානය ඉදිරිපිටදී නැවත ලබාදීමේ වැඩපිළිවෙලක් අද (28) සහ හෙට (29) දෙදින තුළ ක්‍රියාත්මකය.

ඒ අනුව එම ස්ථානයට පැමිණ අනන්‍යතාවය ඉදිරිපත් කර තමන්ගේ ගමන් බෑගය ලබාගන්නා ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටිනු ලැබේ

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පහත නම් සඳහන් නිලධාරීන්ගේ දුරකථන අංකයන් වෙත ඇමතීමෙන් ලබාගත හැකිය.

පොලිස් කොස්තාපල් දිසානායක මයා – 071-580 3000

ජ්‍යෙෂ්ඨ නියාමක අබේරත්න මයා – 077-531 1797

කාන්තා උප නියාමක චාන්දනී මධුරසිංහ මිය – 071-096 5890

Trending

Exit mobile version