Connect with us

පුවත්

දුම්රිය සාමාන්‍යාධිකාරි අභාවප්‍රාප්ත වෙයි

Published

on

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඒ මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී එලෙස අභාවප්‍රාප්ත ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මාතලේ විද්‍යා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඒ මහතා පේරාදෙණිය හා මොරටු විශ්වවිද්‍යාලවලින් උසස් අධ්‍යාපනය හදාරා ඉංජිනේරුවරයකු ලෙස වෘත්තිය ජීවිතය ආරම්භ කලේය.

දුම්රිය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා කර්මාන්ත) හා අතිරේක සාමාන්‍යාධිකාරි (යටිතල පහසුකම්) තනතුරු ඇතුළු දුම්රිය ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු රැසක් ද ඔහු විසින් හොබවන ලදී.

පුවත්

Fox hill අනතුරින් දිවි අහිමිවූවන්ට වන්දි

Published

on

By

FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එම අමාත්‍යාංශය පැවසුවේ, දිවි අහිමි වූ 7 දෙනා වෙනුවෙන් එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් ලබා දෙන බවය. 

ඒ අනුව තුවාල ලැබූ එක් අයෙකුට ලබා දෙන වන්දි මුදල රුපියල් 250,000ක්.

පසුගිය මස 21 වැනි දා පැවැති 2024 FOXHILL මෝටර් රථ ධාවන තරගය අතරතුර මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පෙරලී සිදු වූ අනතුරෙන් දැරියක ඇතුළු 7 දෙනෙකුට දිවි අහිමි වී තවත් පිරිසක් තුවාල ලැබුහ.

Continue Reading

පුවත්

කටුනායක වීසා නිකුත් කිරීම යළිත් VFS අතට

Published

on

By

කටුනායක ගුවන් තොටුපොළේ වීසා අංශයේ ඇති වූ දෝෂ නිවැරදි කිරීමෙන් පසුව එහි වීසා නිකුත් කිරීමේ කටයුතු වලින් තාවකාලිකව ඉවත් වූ VFS Global ජාත්‍යන්තර සමාගමට එම කටයුතු නැවත බාරදෙන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පවසයි. 

කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් පසුගිය මැයි 01 දින දා එම පරිශ්‍රය තුළ දැඩි උණුසුම්කාකාරී වාතාවරණයක් මතුවිය. 

ඒ වනතුරු  මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිදු කළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය සමාගම  VFS Global විසින් බාරගැනීමත් ඒ සමඟ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළ පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නව සමාගම අපොහොසත් වීම සමඟ නිර්මාණය වූ දිගු පෝලිම් සමඟින් මෙම උණුසුම්කාරී තත්ත්වය නිර්මාණය විය.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පවසන්නේ, වීසා නිකුත් කිරීමේ කටයුතු මෙම සමාගමට පැවරීම සිදුවූයේ කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය සමඟ බවය. 

එමෙන්ම මෙම විදේශීය සමාගම විසින් වීසා නිකුත් කිරීම බාරගත් අවස්ථාවේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වීද යන්න පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

අදාල සමාගම විසින් වීසා නිකුත් කිරීම සිදුකරන අවස්ථාවේ කිසියම් පිරිසක් විසින් සාවද්‍ය තොරතුරු ලබා දී මෙම අවුල්සහගත තත්ත්වය නිර්මාණය කලේ ද යන සැකයක් මතුවී ඇති නිසා ඒ කෙරෙහි ද රජයේ විශේෂ අවධානය යොමු වී ඇත.

ලේකම්වරයා පැවසූවේ මතුවූ කාර්මික දෝෂ නිවැරදි කිරීමෙන් පසුව යලි වීසා නිකුත් කිරීමේ කාර්යය VFS Global සමාගම වෙත බාර දෙන බවය. 

මේ පිළිබඳව අදහස් දක්වන ආගමන විගමන දෙපාර්තුමේන්තු නිලධාරීන්ගේ සංගමයේ උපසභාපති ජයසිංහ බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ,

ආගමන විගමන පනත අනුව වීසා නිකුත් කිරීමේ කටයුතු සඳහා නීතිමය වගකීම පැවරී ඇත්තේ ආගමන විගමන නිලධාරීන්ට පමණක් බවය. 

හෙතෙම වැඩිදුරටත් පැවසූයේ ආගමන විගමන නිලධාරීන් විසින් වීසා නිකුත් කිරීම පැරණි ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය යටතේම සාමාන්‍ය පරිදි කරගෙන යන බවය. 

අදාළ සමාගම ඉන්දීය සමාගමක් නොවන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිය ද ආගමන විගමන නිලධාරීන් පෙන්වා දෙන්නේ නව දිල්ලියේ ඇති එහි කාර්යාලයකින් මෙම වීසා නිකුත් කිරීම සිදුවන බවයි.

( ලංකාදීප )

Continue Reading

පුවත්

චීන හුවමාරු පහසුකම නිසා නිල සංචිත බිලියන 5 පන්නයි

Published

on

By

පසුගිය මාර්තු මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 5 දක්වා වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

දළ නිල සංචිත වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් විදේශ විනිමය සැලකිය යුතු ලෙස මිලදී ගැනීමයි.

එසේම උපයෝගිතා පිළිබඳ කොන්දේසිවලට යටත්ව, චීන මහජන බැංකුවේ ඩොලර් බිලියන 1.5කට සමාන හුවමාරු පහසුකම ද මෙයට ඇතුළත්ව ඇතැයි මහ බැංකුව පෙන්වා දෙයි.

මාර්තු මාසයේදී ශුද්ධ මැදිහත් වීම අමෙරිකානු ඩොලර් මිලියන 715ක් වූ අතර 2024 පළමු කාර්තුව තුළ ශුද්ධ මිලදී ගැනීම් ඩොලර් බිලියන 1.2ක් විය.

මූලාශ්‍රය – සිළුමිණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved