Connect with us

පුවත්

සා. පෙළ විභාගය ගැන දැනුම්දීමක්

Published

on

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී.

ඒ අනුව එදින මධ්‍යම රාත්‍රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන කටයුතු අත්හිටවනු ඇත.

එම නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 06 සිට 15 වන දින දක්වා පැවැත්විමට සැලසුම් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කලේ,  පසුගියදා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස අග නිකුත් කිරීමට කටයුතු කරන බව ය.

පුවත්

පොහොට්ටුවෙන් ජනපති සටනට නාමල්?

Published

on

By

ඉදිරි ජනාධිපතිවරණය සඳහා දිනන අපේක්ෂකයෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ  වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.

වත්මන් ජනාධිපතිවරයා තම පක්ෂයේ සහාය මේ වන තෙක් ඉල්ලා නොමැති බවද ඔහු එහිදී සඳහන් කලේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට තව කල් සිටිය යුතු බව මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කාන ලදී.

තරුණ නායකත්වය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවක් තියෙනවා ද පොහොට්ටුවේ ?

“තරුණ වෙන්න පුළුවන් මධ්‍යම වෙන්න පුළුවන් දිනන්​න පුළුවන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා.”

නාමල් රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට සුදුසු ද? 

ඔබතුමා බලාපොරොත්තු වෙනවා ද?

“මම බලාපොරොත්තු වෙන්නේ නෑ පක්ෂයෙන් තීන්දු කරන්නේ.”

එතුමා සුදුසු ද ?

එයා ටිකක් වෙලා ඉන්න ඕනේ.”

Continue Reading

පුවත්

ලබන සතියේ ග්‍රාම නිලධාරීන් ලෙඩින්

Published

on

By

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන සඳුදා (06) සහ අඟහරුවාදා (07) වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව වාර්තා වේ. 

ඒ අනුව දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව ග්‍රාම නිලධාරී සංගම් එකමුතුව පවසයි.

ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ, ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරී සඳහා වර්තමානයේ දෙන පහසුකම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවය.

ඒ පිළිබඳ අවස්ථා රැසකදී බලධාරීන් දැනුවත් කළ ද කිසිදු පියවරක් මේ දක්වා නොගත් බවද ඒ මහතා විසින් පවසන ලදී.

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සහ ග්‍රාම නිලධාරීන්ගේ දීමනා හැකි ඉක්මනින් වර්තමානයට ගැලපෙන ලෙස ඉහළ දැමිය යුතු බවත් නන්දන රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading

පුවත්

අධික රස්නය සමඟ ජලාශ පතුළටම හිඳෙයි

Published

on

By

මධ්‍යම කඳුකරයේ පවතින අධික වියළි කාලගුණයත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති. 

පවතින අධික වියළි කාලගුණයත් සමග අද (04) දින උදැසන වන විට කාසල්රි ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 44 කින් පහල බැස ඇත.

එමෙන්ම මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 49 කින් පහළ බැස තිබේ.

මේ ජල මට්ටම පහල බැසිම හේතුවෙන් මවුස්සාකැලේ ජලාශය ඉදි කිරිමේදි ජලයට යට වු පැරණි මස්කෙලිය නගරයේ පන්සල , හින්දු කෝවිල ඇතුළු නටබුන් රැසක් යලි මතු වි ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved