පුවත්

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන CoPF අදත් රැස්වෙයි

Published

on

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට රාජ්‍ය මුදල් කාරක සභාව (CoPF) අද (30) දිනයේදී ද රැස්වීමට නියමිතය.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ, ඊයේ දිනයේ රැස්වූ කාරක සභාව මේ සම්බන්ධයෙන් පාර්ශව රැසකගෙන් අදහස් විමසූ බවයි.

මෙම සැලැස්ම හරහා සේවක අර්ථ සාධක අරමුදලට වන බලපෑම සම්බන්ධයෙන් අද දිනයේ පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කරන බවත් ට්විටර් පණිවිඩ කිහිපයක් ඔස්සේ ඔහු පවසා ඇත.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම හෙට පාර්ලිමේන්තුවේදි විවාදයට ගැනීමට නියමිත අතර, ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ඊයේ (29) පැවති සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය කළ බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසා ඇත.

Trending

Exit mobile version