Connect with us

පුවත්

දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාවට CoPF අනුමැතිය

Published

on

දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය අද (30) පැවති රජයේ මුදල් කාරක සභා (CoPF) රැස්වීමේදී සමාජිකත්වයේ බහුතර කැමැත්ත මත අනුමත විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය, රජයේ මුදල් කාරක සභා රැස්වීමේදී දෙවැනි දිනටත් අද සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම අනුමතිය හිමිවිය.

ඊයේ (29) පැවති රැස්වීමේ පළමු අර්ධයේදී  මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නියෝජනය කරන ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්විණි. රැස්වීමේ දෙවන භාගයේදී බැංකු ඇතුළු  අනෙකුත් මූල්‍ය  අරමුදල් සහ ආයතන හිමියන් සමඟ සාකච්ඡා පැවැත්විණි.

පැවැත්වූ පුළුල් සාකච්ඡාවලින් අනතුරුව, සංශෝධනවලට යටත්ව යෝජනා සම්මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමතිය ලබා දීම සිදුවිය.

මුදල් රාජ්‍ය අමාත්‍ය – ගරු ෂෙහාන් සේමසිංහ, විපක්ෂ නායක – සජිත් ප්‍රේමදාස, කාරක සභා සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් මීට එක්ව සිටියහ.

පුවත්

පොහොට්ටුවෙන් ජනපති සටනට නාමල්?

Published

on

By

ඉදිරි ජනාධිපතිවරණය සඳහා දිනන අපේක්ෂකයෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ  වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.

වත්මන් ජනාධිපතිවරයා තම පක්ෂයේ සහාය මේ වන තෙක් ඉල්ලා නොමැති බවද ඔහු එහිදී සඳහන් කලේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට තව කල් සිටිය යුතු බව මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කාන ලදී.

තරුණ නායකත්වය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවක් තියෙනවා ද පොහොට්ටුවේ ?

“තරුණ වෙන්න පුළුවන් මධ්‍යම වෙන්න පුළුවන් දිනන්​න පුළුවන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා.”

නාමල් රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට සුදුසු ද? 

ඔබතුමා බලාපොරොත්තු වෙනවා ද?

“මම බලාපොරොත්තු වෙන්නේ නෑ පක්ෂයෙන් තීන්දු කරන්නේ.”

එතුමා සුදුසු ද ?

එයා ටිකක් වෙලා ඉන්න ඕනේ.”

Continue Reading

පුවත්

ලබන සතියේ ග්‍රාම නිලධාරීන් ලෙඩින්

Published

on

By

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන සඳුදා (06) සහ අඟහරුවාදා (07) වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව වාර්තා වේ. 

ඒ අනුව දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව ග්‍රාම නිලධාරී සංගම් එකමුතුව පවසයි.

ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ, ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරී සඳහා වර්තමානයේ දෙන පහසුකම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවය.

ඒ පිළිබඳ අවස්ථා රැසකදී බලධාරීන් දැනුවත් කළ ද කිසිදු පියවරක් මේ දක්වා නොගත් බවද ඒ මහතා විසින් පවසන ලදී.

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සහ ග්‍රාම නිලධාරීන්ගේ දීමනා හැකි ඉක්මනින් වර්තමානයට ගැලපෙන ලෙස ඉහළ දැමිය යුතු බවත් නන්දන රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading

පුවත්

අධික රස්නය සමඟ ජලාශ පතුළටම හිඳෙයි

Published

on

By

මධ්‍යම කඳුකරයේ පවතින අධික වියළි කාලගුණයත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති. 

පවතින අධික වියළි කාලගුණයත් සමග අද (04) දින උදැසන වන විට කාසල්රි ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 44 කින් පහල බැස ඇත.

එමෙන්ම මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 49 කින් පහළ බැස තිබේ.

මේ ජල මට්ටම පහල බැසිම හේතුවෙන් මවුස්සාකැලේ ජලාශය ඉදි කිරිමේදි ජලයට යට වු පැරණි මස්කෙලිය නගරයේ පන්සල , හින්දු කෝවිල ඇතුළු නටබුන් රැසක් යලි මතු වි ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved