සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවකවධය ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුන් දෙදෙනෙකි.
පොලීසිය පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අදාළ සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවය.
ඒ අනුව මෙම නවකවධය සිදුවීමට අදාළව මේ වනවිට සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර විශ්වවිද්‍යාලවල නවකවධ සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේදී පොලීසියේ සහය ලබාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.
ඒ, විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේදීය.
නවකවධය සම්බන්ධයෙන් ප්‍රමාණවත් නීති රාමුවක් ගෙන ඒම කෙරෙහි ද, එහිදී අවදානය යොමු වූ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය කපිල සෙනවිරත්න මහතා සඳහන් කලේය.