පුවත්

නව යොවුන් දරුවන් අතර ඒඩ්ස් ව්‍යාප්තියේ වර්ධනයක්

Published

on

15 සහ 24 යන නව යොවුන් විය ලෙස සැලකෙන වයස් කාණ්ඩය අතරේ ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය පවසයි.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය අනාවරණය කළේ පසුගිය වසරේදී එච්.අයි.වී ඒඩ්ස් රෝගය වැලඳුන ළමුන් 40 දෙනෙකු හඳුනාගැනීමට හැකිවූ බවය.

එමෙන්ම, එච්.අයි.වී රෝගය වැලඳී ඇති බවට වාර්තා වී ඇති වැඩිහිටි පුද්ගලයින් සංඛ්‍යාව 3,169 ක් බව විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය සඳහන් කරන්නීය.

එච්.අයි.වී රෝගය සමඟ ජීවත් වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2022 වර්ෂයේ දී 607 ලෙස වාර්තා වී ඇති අතර 2023 වර්ෂයේ දී එම සංඛ්‍යාව 694 ක් ලෙස ඉහළ යාම 14% ක වර්ධනයක් ඇති බව ඇය තවදුරටත් අනාවරණය කළාය.

එමෙන්ම, මෙම රෝගීන් 694 දෙනාගෙන් 613 දෙනෙක් පිරිමි පුද්ගලයින් වන බව හෙළි වී තිබේ.

Trending

Exit mobile version