පුවත්

නාවුල – බෝවතැන්න ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

Published

on

මහවැලි ගඟේ ජල ධාරිතාව ඉහළ යාමත් සමග නාවුල – බෝවතැන්න ජලාශයේ වාන් දොරටු 06ක් අද (25) උදෑසන විවෘත කර තිබේ.

ජලාශය භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න කියා සිටියේ ඒ හේතුවෙන් මොරගහකන්ද දක්වා දිවෙන අඹන් ගඟ දෙපස ජනතාව සැළකිලිමත් වන ලෙසය.

ඇඳහැළෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මාවුස්සාකැලේ යන ජලාශවලද ජල මට්ටම පිටාර මට්ටමට ළගාවී තිබේ.

මේ අතර මධ්‍යම කදුකරයේ ඇතැම් ප්‍රදේශවලට මීදුම් තත්ත්වයක් පවතින බැවින් රථවාහන ධාවනයේදී විමසිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.

Trending

Exit mobile version