පුවත්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනය හෙට

Published

on

හෙට (08) දිනයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා දීමේ කටයුතු ද මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක  බවය.

මේ අතර, තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්දදායකයන්ට ලබන 11 සහ 12 දෙදිනේදී ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා දීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසයි .

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පසුගිය 4, ඊයේ (5) සහ අද (6) දිනවල සාර්තකව පැවැත්වීමට හැකියාව ලැබුණ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

නියෝජ්‍ය තැපැල්පති ඩී.ඒ රාජිත කේ.රණසිංහ  පවසා සිටියේ පසුගිය දින දෙකේදී තැපැල් ඡන්ද දායකයන්ගෙන් සියයට අසූවකට වැඩි පිරිසක් සිය ඡන්දය භාවිත කර ඇති බවය.

Trending

Exit mobile version