පුවත්

නොනැවතෙන වර්ජන

Published

on

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ.

මේ හේතුවෙන් අද පෙරවරුවේ දුම්රිය ගමන්වාර 10 ක් අවලංගු වී ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉදිපොළගේ සඳහන් කළේය.

ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක මහතා සඳහන් කළේ, කොළඹ පිහිටි ධාවනාගාර දෙකකින් දුම්රිය ධාවනය සිදු නොවන බවය.

ඔහු පැවසුවේ, වැටුප් කේතාංකයක් ලබා නොදීම, උසස් වීම් ලබානොදීම, බඳවා ගැනීම් සිදු නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවය.

මේ අතර, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹ තිබේ.

එම සංගමයේ උප සභාපති නිලන්ත විජේසේන මහතා පැවසුවේ, ඒ අනුව ග්‍රාමිය මාර්ග හා ග්‍රාමීය පාලම් ඉදිකිරිමේ කටයුතුවලින් තම සාමාජිකයින් ඉවත්ව සිටින බවය.

මේ අතර, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය අද 37 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

Trending

Exit mobile version