පක්ෂය හැරදා ගිය පිරිස නැවත නොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.
ශක්තිමත් දෙවැනි පෙළක් නිර්මාණය වී තිබීම ඊට හේතුව බව ඔහු සඳහන් කළේය.
පක්ෂය හැරදා ගිය පිරිසගේ කාර්යභාරය එම කණ්ඩායම මේ වනවිට ඉටු කරමින් සිටියි.
එමෙන් ම පක්ෂ තීරණයවලට පටහැනිව කටයුතු කළ අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවටයි මහලේකම්වරයා අවධාරණය කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා ගොස් සිටින මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 92ක් වන බව සඳහන්ය.