පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සහිකයින්ගේ නම් වලින් කොටසක් අද (23) දිනයේ ගැසට් මගින් පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
පළාත් පාලන කොට්ඨාස ජයගත් සියලු සභිකයින්ගේ නම් එහිදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා සඳහන් කළේය.
එසේම ලැයිස්තුවලින් තේරී පත්වූ සභිකයින්ගේ නම් මෙතෙක් භාර නොදුන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට එම නම් කඩිනමින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට භාර දීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම් දී තිබේ.