පුවත්

පාකිස්තාන මහ කොමසාරිස් සහ ඇමති නලින්ද අතර හමුවක්

Published

on

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General Faheem Ul Aziz HI) මහතා ඊයේ (07) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවී තිබේ.

මෙහි දී ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර දීර්ඝ කාලීන සමාජ, ආර්ථික, අධ්‍යාපන, ක්‍රීඩා සහ දේශපාලන සබඳතා පිළිබඳවත්, සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සංචාරක හා වෛද්‍ය සංචාරක ක්ෂේත්‍රයන්ට අදාළ කටයුතු ඉදිරියේ දී තව තවත් වර්ධනය කර ගැනීම පිළිබඳවත් සාකච්ඡා කර ඇත.

එමෙන්ම දෙරටෙහි සංස්කෘතිකාංග ඇතුළත් මාධ්‍ය වැඩසටහන් හුවමාරු කර ගැනීම සහ රුපවාහිනී ක්ෂේත්‍රයේ විචිත්‍රාංග සහ ටෙලි නාට්‍ය හුවමාරු කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානයක් යොමුව තිබේ.

ඉහත සියලු ක්ෂේත්‍ර තුළ පාකිස්තාන රජයේ සහාය ශ්‍රී ලංකාවට නොමඳව ලබාදෙන බවට පාකිස්තාන මහ කොමසාරිස්වරයා මෙහිදී සහතික වී ඇත.

Trending

Exit mobile version