පිටකොටුව බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පොළේ පිහිටි පොදු වැසිකිළිය භාවිතා කිරීමේදී මගීන්ගෙන් එහි මුදල් අය කරන්නන් වැඩි මුදලක් අයකිරීම සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කළ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.
පොදු වැසිකිලිය භාවිතා කිරීම සඳහා මගීන්ගෙන් අයකර ගත යුත්තේ රු. 20ක මුදලක් වුවත් ඔවුන් රු. 40ක මුදලක් අය කර තිබේ.
ඒ පිළිබඳ දැන්වීමක්ද ඔවුන් සවි කර ඇති අතර, මුදල් ලබාදීම ගැන ප්‍රශ්න කරන මගීන්ට අසභ්‍ය වචනයෙන් බැන වදින අවස්ථා ද වාර්තා වී ඇති බව පැවසේ.
එහි සභාපති ප්‍රසන්න සංජීව පවසා සිටියේ අදාළ ටෙන්ඩරය ලබා ගත් පුද්ගලයින්ද අධිකාරිය හමුවට කැඳවන බවයි.
(මූලාශ්‍රය : හිරු)