Connect with us

පුවත්

පිරිමි ළමුන්ට අතවර කළ කැලණියේ සුමේධ හිමි අත්අඩංගුවට!

Published

on

රන්මුතුගල ළමා නිවාසයේ පිරිමි ළමයින්ට ලිංගික අතවර කරන ලදැයි කඩවත, රන්මුතුගල, පුණ්‍යාලංකාර විහාරයේ විහාරාධිපති කැලණියේ සුධම්ම හිමියන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (11) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.රන්මුතුගල ළමා නිවාසයේ සිටි වයස අවුරුදු 14ක සහ 17ක පිරිමි ළමුන් දෙදෙනකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් පිළිබඳව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර හිමියන් විහාරස්ථානයේදී අත්අඩංගුවට ගත් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.සැකකාර විහාරාධිපති හිමියන්ට ලිංගික කටයුතු සඳහා ළමා නිවාසයේ කුඩා දරුවන් සපයා දී ඇත්තේ එම ළමා නිවාසයේම වැඩිහිටි ළමුන් විසින් බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි, එම අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පැවැසීය.ලිංගික කටයුතු සඳහා තමන් වෙත කුඩා ළමුන් සපයන වැඩිහිටි ළමුන්ට රුපියල් 1000 බැගින් සැකකාර හිමියන් දී තිබෙන බවත්, ලිංගික අතවරයට ලක් වූ ළමුන්ට රුපියල් 500 බැගින් දී තිබෙන බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.ඊට අමතරව තම විහාරස්ථානය වෙත ලිංගික කටයුතු සඳහා කුඩා ළමුන් සපයන ලද වැඩිහිටි ළමුන්ට සැකකාර හිමියන් නවීන පන්නයේ ජංගම දුරකථන දී තිබෙන බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අනාවරණය කරගෙන තිබේ.තමා විසින් එවැනි ලිංගික අපයෝජන ක්‍රියාවක් කළ බවට සැකකාර හිමියන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් හමුවේ සහ කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී පිළිගෙන තිබෙන බවද වාර්තා වෙයි.සැකකාර හිමියන් රුපියල් ලක්ෂ 3ක ශරීර ඇප 2ක් මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කෝමින්ද පෙරේරා නියෝග කළේය.(අරුණ)

රන්මුතුගල ළමා නිවාසයේ පිරිමි ළමයින්ට ලිංගික අතවර කරන ලදැයි කඩවත, රන්මුතුගල, පුණ්‍යාලංකාර විහාරයේ විහාරාධිපති කැලණියේ සුධම්ම හිමියන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (11) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. රන්මුතුගල ළමා නිවාසයේ සිටි වයස අවුරුදු 14ක සහ 17ක පිරිමි ළමුන් දෙදෙනකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් පිළිබඳව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර හිමියන් විහාරස්ථානයේදී අත්අඩංගුවට ගත් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.සැකකාර විහාරාධිපති හිමියන්ට ලිංගික කටයුතු සඳහා ළමා නිවාසයේ කුඩා දරුවන් සපයා දී ඇත්තේ එම ළමා නිවාසයේම වැඩිහිටි ළමුන් විසින් බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි, එම අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පැවැසීය.ලිංගික කටයුතු සඳහා තමන් වෙත කුඩා ළමුන් සපයන වැඩිහිටි ළමුන්ට රුපියල් 1000 බැගින් සැකකාර හිමියන් දී තිබෙන බවත්, ලිංගික අතවරයට ලක් වූ ළමුන්ට රුපියල් 500 බැගින් දී තිබෙන බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.ඊට අමතරව තම විහාරස්ථානය වෙත ලිංගික කටයුතු සඳහා කුඩා ළමුන් සපයන ලද වැඩිහිටි ළමුන්ට සැකකාර හිමියන් නවීන පන්නයේ ජංගම දුරකථන දී තිබෙන බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අනාවරණය කරගෙන තිබේ.තමා විසින් එවැනි ලිංගික අපයෝජන ක්‍රියාවක් කළ බවට සැකකාර හිමියන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් හමුවේ සහ කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී පිළිගෙන තිබෙන බවද වාර්තා වෙයි.සැකකාර හිමියන් රුපියල් ලක්ෂ 3ක ශරීර ඇප 2ක් මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කෝමින්ද පෙරේරා නියෝග කළේය.(අරුණ)

රන්මුතුගල ළමා නිවාසයේ සිටි වයස අවුරුදු 14ක සහ 17ක පිරිමි ළමුන් දෙදෙනකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් පිළිබඳව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර හිමියන් විහාරස්ථානයේදී අත්අඩංගුවට ගත් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.සැකකාර විහාරාධිපති හිමියන්ට ලිංගික කටයුතු සඳහා ළමා නිවාසයේ කුඩා දරුවන් සපයා දී ඇත්තේ එම ළමා නිවාසයේම වැඩිහිටි ළමුන් විසින් බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි, එම අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පැවැසීය. ලිංගික කටයුතු සඳහා තමන් වෙත කුඩා ළමුන් සපයන වැඩිහිටි ළමුන්ට රුපියල් 1000 බැගින් සැකකාර හිමියන් දී තිබෙන බවත්, ලිංගික අතවරයට ලක් වූ ළමුන්ට රුපියල් 500 බැගින් දී තිබෙන බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.ඊට අමතරව තම විහාරස්ථානය වෙත ලිංගික කටයුතු සඳහා කුඩා ළමුන් සපයන ලද වැඩිහිටි ළමුන්ට සැකකාර හිමියන් නවීන පන්නයේ ජංගම දුරකථන දී තිබෙන බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අනාවරණය කරගෙන තිබේ.තමා විසින් එවැනි ලිංගික අපයෝජන ක්‍රියාවක් කළ බවට සැකකාර හිමියන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් හමුවේ සහ කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී පිළිගෙන තිබෙන බවද වාර්තා වෙයි.සැකකාර හිමියන් රුපියල් ලක්ෂ 3ක ශරීර ඇප 2ක් මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කෝමින්ද පෙරේරා නියෝග කළේය.(අරුණ)

ලිංගික කටයුතු සඳහා තමන් වෙත කුඩා ළමුන් සපයන වැඩිහිටි ළමුන්ට රුපියල් 1000 බැගින් සැකකාර හිමියන් දී තිබෙන බවත්, ලිංගික අතවරයට ලක් වූ ළමුන්ට රුපියල් 500 බැගින් දී තිබෙන බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ඊට අමතරව තම විහාරස්ථානය වෙත ලිංගික කටයුතු සඳහා කුඩා ළමුන් සපයන ලද වැඩිහිටි ළමුන්ට සැකකාර හිමියන් නවීන පන්නයේ ජංගම දුරකථන දී තිබෙන බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අනාවරණය කරගෙන තිබේ.

තමා විසින් එවැනි ලිංගික අපයෝජන ක්‍රියාවක් කළ බවට සැකකාර හිමියන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් හමුවේ සහ කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී පිළිගෙන තිබෙන බවද වාර්තා වෙයි. සැකකාර හිමියන් රුපියල් ලක්ෂ 3ක ශරීර ඇප 2ක් මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කෝමින්ද පෙරේරා නියෝග කළේය.(අරුණ)

සැකකාර හිමියන් රුපියල් ලක්ෂ 3ක ශරීර ඇප 2ක් මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කෝමින්ද පෙරේරා නියෝග කළේය.

(අරුණ)

පුවත්

ඉරාන තානාපති කොළඹ සාප්පු සංකීර්ණයක රථගාලකදී ආරවුලක පැටලෙයි

Published

on

By

ඉරාන තානාපති ආචාර්ය  ඩෙල්ක්‍රොෂ් (A Delkhosh) මහතාට පහරදී , අනතුරකට ලක්කළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.

තානාපතිවරයා කොළඹ සාප්පු සංකීර්ණයක රථගාලට  රථය ඇතුල් කරන අවස්ථාවේදී තවත් මෝටර් රථයක රියදුරෙක් සමඟ ආරවුලක් හටගෙන ඇති අතර එහිදී එම පුද්ගලයා තානාපතිවරයාට පහරදී එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ දරා ඇතැයි පොලිසිය කියයි.

එහිදි තානාපතිවරයා සිය මෝටර් රථයෙන් බිමට බැස  පලායාමට උත්සාහ දරන මෝටර් රථයේ බොනොට්ටුවට අත තබාගෙන පොලිස් නිලධාරීන් පැමිණෙනතුරු සිටින ලෙස මෝටර් රථයේ රියදුරුට දැනුම් දී ඇත.

 එම අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු විසින් මෝටර් රථය පණ ගන්වා  මීටර් 15ක්දි පමණ ඉදිරියට රිය  ධාවනය කර ඇතැයි පොලිසියේ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ හත වෝඩ් පෙදෙසේ පදිංචි. වයස අවුරුදු තිස්තුනක පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

මුදල් හා රන්බඩු කොල්ල කන්න පවුලක්ම මරලා!

Published

on

By

බාප්පා,පුංචි සහ සහෝදරයා මරා මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය කියයි.

අද අලුයම හතරට පමණ මාලදෙනිය ප්‍රදේශයේ නිවසකදී මෙම අමානුෂික ඝාතනය සිදුව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

පාපැදියකින් ගමන් ගත් පුද්ගලයකු පරීක්ෂා කළ පොලිසිය ඔහු සතුව රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් සහ රන් භාණ්ඩ තිබී හමුවී ඇත.

ඒ සම්බන්දයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ ලිපියන් සම්බන්දයෙන් පරීක්ෂා කිරීමේදී මෙම ඝාතනයේ තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ තම බිරියගේ බාප්පා,පුංචි සහ ඔවුන්ගේ දරුවා බව මෙතෙක් සිදු කල පරීක්ෂණවලින් අනාවරණය වන බව ද පොලිසිය සඳහන් කරයි.

(ලංකාදීප)

Continue Reading

පුවත්

රුසියානු තානාපති කාර්යාලයේ වැඩ බැලීමට විදේශ සේවයේ විශ්‍රාමිකයකු යවයි

Published

on

By

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය තවමත් හිස්ව පැවතීම නිසා නව තානාපතිවරයකු පත් කරන තුරු විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එම තානාපති කාර්යාලයේ වැඩ බැලීමට යැවීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

මේ අතර විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මාධ්‍යට පවසා ඇත්තේ, තානාපතිවරයෙකු නොමැති වීම හුදෙක් කාර්ය පටිපාටියේ පරතරයක් පමණක් බවත්, රුසියාවේ පවතින විශේෂ තත්ත්වය මත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එහි කටයුතු අධීක්‍ෂණය කිරීමට යොමු කරන බවයි.

මෙසේ යවන්නේ විශ්‍රාමික විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨයකු බවත්, දැනට තානාපතිවරයකු නොමැති වීම ප්‍රධාන ප්‍රශ්නයක් නොවන බවද ඔහු අවධාරණය කර තිබේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ එහි දැනටමත් විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සිටින බවත්, සිදුවෙමින් පවතින හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන, ඉතා ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියෙකු යවන්නේ දැනට රුසියාවේ සිටින නිලධාරියා ප්‍රමාණවත් නොවන නිසා නොවන බවද ඔහු කියා සිටී.

මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා මෙය සිදු කරන බවත්, සාමාන්‍ය ප්‍රොටෝකෝලය අනුව කටයුතු සිදුවන බවද බාලසූරිය මහතා අවධාරණය කර ඇත.

කෙසේවුවද, රුසියාවට තානාපතිවරයකු පත් කර ඇතත් ඔහු කවුරුන්ද යන්න මාධ්‍යට හෙළි නොකිරීමට ද බාලසූරිය මහතා කටයුතු කර තිබේ.

රුසියානු සමූහ ආණ්ඩුවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිනිය වන මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මියට සේවා දිග තුනක් ලබාදී තිබුණු අතර, ඇය පසුගිය අප්‍රේල් 29 වැනිදා මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිය සේවය අවසන් කර ඇත.

වර්තමානයේ, රුවිනි කේ. මුනිදාස මහත්මිය තානාපති කාර්යාලයේ භාර නිලධාරිනිය ලෙස කටයුතු කරනු ලබයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved