පුවත්

පුංචි ඡන්දේ ගැන මනෝ සහ දිගම්බරම් තීරණයක් ගනී

Published

on

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වෙන් වෙන්ව තරඟ කළ යුතු බවට දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරන පක්ෂ යෝජනා කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් සහ වී. රාධක්‍රිෂ්ණන්ගේ පක්ෂ එම සංධානය නියෝජනය කරනු ඇත.

පසුගිය දින කිහිපයේ ඔවුන්ගේ දේශපාලන මණ්ඩල සහ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්ව ඇති අතර, එහිදී මේ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.

එහිදී යෝජනා කර ඇත්තේ, වෙන් වෙන්ව පළාත් පාලන ඡන්දයට තරග කර පසුව සමගි ජන සන්ධානය සමග එකතුවීමෙන් ලබාගත හැකි මන්ත්‍රි ධූර සංඛ්‍යාව ඉහළ යනු ඇති බවය.

ඒ පිළිබඳ අවසන් තීරණයට නුදුරු දිනයකදීම එළබෙන බව වැඩිදුරටත් වාර්තා විය.

Trending

Exit mobile version