පුවත්

පුටින් අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තුවක්!

Published

on

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාට එරෙහිව හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පුටින්ට අමතරව රුසියාවේ ළමා අයිතීන් පිළිබඳ කොමසාරිස්වරිය වන Maria Lvova-Belova ද අත්අඩංගුවට ගැනීම සඳහා ICCය විසින් වරෙන්තුවක් නිකුත් කර ඇත.

නීතිවිරෝධී ලෙස ළමයින් පිටුවහල් කිරීම යන යුද අපරාධයට මොවුන් දෙදෙනා සැකකරුවන් වන බව ICCය විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

මේ සම්බන්ධයෙන් යුක්‍රේනයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වන Andriy Yermak පවසා ඇත්තේ මෙය පටන්ගැන්මක් පමණක් බවයි.

යුක්‍රේනයේ අභිචෝදක ජනරාල්වරායද පවසා ඇත්තේ මෙය ඓතිහාසික තීන්දුවක් බවයි.

කෙසේවෙතත්, රුසියාවේ ප්‍රකාශිකාවක් වන Maria Zakharova සිය ටෙලිග්‍රෑම් චැනලය ඔස්සේ පවසා ඇත්තේ රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ රෝම ප්‍රඥප්තියේ පාර්ශවකරුවෙකු නොවන අතර ඒ යටතේ කිසිදු වගකීමක් නොදරන බවයි. එබැවින් මෙවැනි ක්‍රමවේද නීතිමය වශයෙන් බලනොපාන බවද ඇය වැඩිදුරටත් පවසා ඇත.

Trending

Exit mobile version