පුවත්

පොලිස් කොමිසමෙන් පොලිස්පතිට නියෝගයක්

Published

on

අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ පාපොච්ඡාරණය පොලිස්පති නියෝගවලට පටහැනිව මාධ්‍යයට මුදා හැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක් දෙන ලෙස පොලිස් කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

කොමිසම නියෝග කර ඇත්තේ , ඊට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීම සඳහා එම වාර්තාව ලබා දෙන ලෙසය.

සති දෙකක් තුළ වාර්තාවක් ලබා දිය යුතු බවද අදාළ නියෝගයේ සඳහන් වේ.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශනය සිදුකරන ලෙස පොලිස් කොමිසම ඊයේ (11) රැස්වූ අවස්ථාවේදී කළ නියෝගයේ වැඩිදුරටත් දැක්වේ.

Trending

Exit mobile version