Connect with us

පුවත්

පොලිසියේ විනය ගැන නිර්දේශ පොලිස්පතිට

Published

on

පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්‍රමාද වීම සම්බන්ධයෙන් විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පතිවරයා වෙත බාර දී තිබේ.

විනය පටිපාටිය කඩිනම් කිරීම සහ පරිපාලන ගැටලුවලට විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත බාර දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

පොලිස් නිලධාරීන්ට එරෙහි විනය කාර්ය පටිපාටියට අදාළ පරීක්ෂණ සඳහා දීර්ඝ කාලයක් ගතවීම හේතුවෙන් නිලධාරීන්ගේ වැටුප් වර්ධක, දීමනා සහ උසස් වීම් ප්‍රමාද වීම වැනි පරිපාලන ගැටලු සම්බන්ධයෙන් සොයා බලා ඊට අදාළ විසදුම් යෝජනා කිරීම සඳහා නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර කෙරුණි.

විනය හා කල්ක්‍රියා හා නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ජාලිය සේනාරත්න, මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සහ විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා යන මහත්වරුන් අදාළ කමිටුවට ඇතුළත්ය.

කමිටුවේ නිර්දේශයන් කඩිනමින්  ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

පුවත්

ඔලිම්පික් ගිනිසිළුව ශ්‍රී ලාංකිකයෙක් අතට

Published

on

By

ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලාංකීකයෙකු වන තර්ෂන් සෙල්වරාජාට  හිමිව තිබේ.

සාමාන්‍ය පුරවැසියන්ගේ සිට ප්‍රභූවරුන් දක්වා 10,000 කට පමණ පිරිසකට රට පුරා, එහි රිලේ කොටසක් සඳහා ගිනිසිළුව සහිත පන්දම රැගෙන යෑමේ අවස්තාව  හිමිවන අතර ඒ අනුව ශ්‍රී ලාංකිකයෙකු වන තර්ෂන් සෙල්වරාජාට ද මෙකී අවස්ථාව හිමි ඇත.

මේත් සමඟින් මෙම ගිනිසිළුව රැගෙන යෑමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ලාංකිකයා ලෙසයි තර්ෂන් ඉතිහාසයට එක්වේ.

ශ්‍රී ලංකාවේ උපන් දැනට පැරීසියේ ජීවත් වන තර්ෂන් සෙල්වරාජා වෘත්තියෙන් බේකරි හිමිකරුවෙක් වන අතර පැරීසිය පුරාම ප්‍රසිද්ධත්වයට පත්ව ඇත්තේ ඔහු නිශ්පාදනය කරන තුනී පාන් විශේෂයක් වන baguette  හේතුවෙනි.

ප්‍රංශයේ රජ මැදුරට වාර්ෂිකව baguette ලබා දෙන්නා වන්නේ ද තර්ෂන් ය.

ප්‍රංශයේ පැරිස් නුවර පැවැති ‘Grand Prix de la Baguette de Traditional Francaise de la Ville De Paris’’ නම් තරගයෙන් ජය ගැනීම සමඟ හොඳම පැරිසියානු  baguette යන කීර්තිමත් නාමය හිමිකර ගැනීමට ඔහු සමත් වූයේය.

තමාට ලැබුන මේ අවස්ථාව ගැන තර්ෂන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කර තිබුණි.

“මේක පුදුම සහගත දෙයක් මට. මේ වෙනුවෙන් මාව තෝරගත්ත එකට ස්තූතියි. ඔලිම්පික් කමිටුවේ හිටිය ක්‍රීඩා අමාත්‍යවරයා තමා මාව තෝරගෙන තිබුණේ. මේ ගැන හිතුවාම ගොඩාක් සතුටයි. ප්‍රංශයේ දහස් ගණන් ජනතාවක් ඉන්නවා. මම ගොඩාක් වාසනාවන්තයි මේ අවස්ථාව ලැබුණ එකට. කොහෙදී ද ගිනි සිළුව මට ලැබෙන්නේ කියලා මම දන්නේ නැහැ. නමුත් ජූලි මස 15වැනිදා ගිනි සිළුව පැරිසියට එනවා.”

Continue Reading

පුවත්

මන්ත්‍රී සැප වාහන බලපත්‍ර නතර වෙයිද?

Published

on

By

පාර්ලිමේන්තු  මන්ත්‍රීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදීමේ තීරණය සාකච්ඡා පසුවට කල් තැබීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත .

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ කාරණය පසුගිය (09) වැනිදා පැවති  සාකච්ඡා කර ඇතත් විවිධ ප්‍රතිවිරෝධතා හේතුවෙන් පැහැදිලි තීරණයක් ගැනීමට හැකිවී නැතැයි එම වාර්තා කියයි.

ජනතාව ආර්ථික අතින් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින මොහොතක වාහන බලපත්‍ර ලබාදීම සුදුසු නොවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන් එම කාරක සභාවේදී දැඩිව පෙන්වාදී ඇත. මේ මොහොතේදී වාහන බලපත්‍රය ලබාදීමට සමගි ජන බලවේගය විරුද්ධ බවද කිරිඇල්ල මහතා එහිදී සඳහන් කර තිබිණ.

නිලධාරීන් කිරිඇල්ල මහතාගේ එම විරෝධය එහිදී සටහන් කරගෙන ඇත.

තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 දෙනෙක් පසුගියදා කතානායකවරයාට ලියවිල්ලක් බාර දුන්හ. එම ලියවිල්ල කතානායකවරයා පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඒ පිළිබඳව සාකච්ඡාවට ගැනුණද පැහැදිලි තීරණයක් ගැනීමට හැකිවී නොතිබිණ.

( ලංකාදීප )

Continue Reading

පුවත්

අහුංගල්ල වෙඩි තැබීම ගැන පුළුල් විමර්ශන

Published

on

By

අහුංගල්ල මරදාන ප්‍රදේශයේ දී  පුද්ගලයෙකු ඊයේ (10) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ මේ වනවිට පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

දැනට අනාවරණය වී ඇති තොරතුරු නම් මෙම වෙඩි තැබීම පළිගැනීමක් බවය. 

සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ පසුගිය 8 වනදා අහුංගල්ල ලෝකන්වත්ත ප්‍රදේශයේ සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ පියෙකු වන කීර්තිසේන ආබෘෘ යන අයගේ ඝාතනයට පළිගැනීමක් ලෙස මෙය සිදුකර ඇති බවයි.

ඝාතනය වූ කීර්තිසේන ආබෘෘ යන අයගේ ඩුබායිහි සැඟව සිටින පුත්‍රයා විසින් ඊයේ සිදුකළ වෙඩි තැබීම මෙහෙයවා ඇති බව මූලික පරීක්ෂණ වලින් අනාරණය වී තිබෙන බව පොලීසිය ප්‍රකාශ කර සිටී.

ඊයේ සිදුකළ වෙඩි තැබී‍මෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයාට වෙඩි ප්‍රහාර 5 ක් එල්ල වී ඇති අතර ඉන් උණ්ඩ කිහිපයක් ඔහුගේ උදරයට එල්ල වී තිබූ බව සඳහන්ය.

මියගොස් ඇත්තේ 54 හැවිරිදි අහුංගල්ල මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා සිය නිවසේ සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණි..

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved