පාර්ලිමේන්තු මාර්ගයේ සිට ගමනකින් පැමිණි පිරිසක් නෙළුම් මාවතට ඇතුළු වීමට උත්සාහ දැරීමත් සමගයි මෙම උණුසුම් තත්ත්වය ඇතිව තිබේ.
“රට වනසන පනත් පරාජය කරමු” මැයෙන් සංවිධාන කිහිපයක් එක්ව පාර්ලිමේන්තුව අසළ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම්මාවත පරිශ්‍රය දක්වා විරෝධතා පාගමනක් පැවැත්විණි.
නෙළුම්මාවතට ඇතුළුවන මාර්ගය අසළදී පොලිසිය ඔවුන්ට බාධා කිරීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් හටගැනීම සිදුවිය.
පොදුජන පෙරමුණු කාර්යාලයේ කිහිප දෙනෙකු සහ ඩෑන් ප්‍රියසාද් ද එම ස්ථානයට පැමිණීමත් සමග විරෝධතාකරුවන් ඔවුන්ට ද විරෝධය පළකර තිබේ.